Perahara Sri Lanka

යම් දෙයක් හෝ පුද්ගලයෙක් පෙරටු කර හෝ කැටිව විශේෂිත ගමන් විලාසයකින් මිනිස් සමූහයක් නිශ්චිත අරමුණක් ඇතිව ගමන් කිරීම පෙරහැර යැයි දැක්විය හැකිය.

රජ පෙරහැර, ආගමික පෙරහැර වශයෙන් පෙරහර ක්‍රම දෙකක් අතීතයේදී මෙරට පැවැතිණි. රාජ පද ප්‍රාප්ත වූ විට අග නුවර පැදකුණු කරන පෙරහැර,යුද්ධ සඳහා යන පෙරහැර සහ යුද්ධ දිනා පවත්වනු ලබන පෙරහැර රජ පෙරහැර යනුවෙන් හැඳින්විය හැක. මෙයට අමතර ව රජු ගමනක් බිමනක් යාමේදී ද පෙරහැරකින් ගමන් කළ බව කියවේ.

ශ්‍රී ලංකාවේ ආගමික පෙරහර ඉතිහාසය බලද්දි මහාවංශයෙහි සඳහන් ආකාරයට දුටුගැමුණු රජතුමා නළඟනන් දාසය දහසක් පිරිවරා රුවන්වැලි සෑයෙහි කොත් පැළඳීමේ උත්සවයට පැමිණ ඇත.

මෑත ඉතිහාසයේ දී පවත්වන විහාර සහ දේවාල පෙරහැර පෙරහර යනුවෙන් ද පෙර දී හඳුන්වා ඇත. බක් මාසයේ අස්වැන්න නෙලා ගත් පසු ඊළඟ කන්නය ආරම්භ වීමට ප්‍රථම එනම් බොහෝ විට ඇසළ මාසයෙහි පෙරහර ඉදිරි කන්නයේදී පිහිට ලබා ගැනීමටත්, පෙරහැර පවත්වති.

වැසි දෙවියන්ට කෘතගුණ දැක්වීමටත් ඉදිරි කන්නයේදී පිහිට ලබා ගැනීමටත් පෙරහර පවත්වති. වර්ථමානයේදී පෙරහර කියූ පමණින් සිතට නැගෙන්නේ මහනුවර දළදා පෙරහරයි.

අනික් සෑම පෙරහැරක් ම පාහේ නිර්මාණය වී ඇත්තේ මෙම පෙරහර අනුකරණය කරමින්ය. කෙසේ වෙතත් අද ද පෙරහැර පැවැත්වීමෙන් බලාපොරොත්තු වන්නේ කලට වැසි වසීවා කෙත් වතු සරු සාර වේවා යන්නයි.

(ආශ්‍රය පොත් :උඩරට නැටුම් කලාව, ආනන්ද ගුරුගේ )

1.පෙරහර දූතයා -

පෙරහර තව සුළු මොහොතකින් එන බව සැල කරයි . ඇතැම් අවස්ථාවල කොල අතු ඇදගත් පුද්ගලයෙක් වෙස් මුනක් පැලද පනිවුඩය කෑගසා පවසයි. තවත් අවස්ථාවල විකාරරූපී ලෙස හැදගත් පුද්ගලයෙක් දවුලක්ද වාදනය කරමින්පෙරහර ආරම්භ කරන ස්ථානයෙ සිට පෙරහර ගමන් කරන මාර්ගයෙහි පෙරහර තව මොහොතකින් එන පනිවුඩය පවසයි. පෙරහර ගමන් මාර්ගයෙ ගමන් කරන පෙරහර දූතයා ආපසු ආරම්භක ස්ථානයට පැමිනි පසු පෙරහර ආරම්භකරයි. කෙසෙ වෙතත් අද පෙරහර දූතයා අපෙන් සමුගනිමින් සිටියි (කැගල්ල පෙරහර- සජිවි විකාෂය )


2.කස කරුවා-

කස කරුවාගෙ මෙහෙය වන්නෙ පෙරහර ලග ලග එනබව දැන්වීමත් මාර්ගය දෙපස සෙනග ඈත් මෑත් කර පෙරහරට ඉඩ ලභා දීමත් වෙ. අකුණු හඩ සන්කෙතවත් කරයි.සම්මත නර්ථනයක්, ගමන් විලාෂයක්,රිද්මයක් නොමැත . අපරටේ කොතැනක පෙරහරක් පැවැත්වුවත් එහි මුලින්ම ගමන් කරන්නෙ කස කරුවායි. (කැගල්ල පෙරහර සජීවි විකාෂය )


3.ගිනිබෝල කරුවන්-

කස කරුවන්ගෙන් පසු ගිනිබෝල කරුවන් ගමන් කිරීම සිරිතකි.විදුලිය නොමැති පුරාන කාලයෙදී මෙයින් විශාල ආලෝකයක් පෙරහරට ලැබිනි. ඉතා අවධානම් නර්ථනයක් සහ මනා පුහුනුවක් ලැබිය යුතු නර්ථනයකි. ගිනිබෝල එලිය යම් සන්නිවේදනයක් ද ලබාදෙ. එනම් පෙරහර ලග ලග එන බවය.මෙයින් සන්කෙතවත් වන්නෙ අකුනු ආලොකයයි. ගින්නට අධිපති දෙවොල් දෙවියන් උදෙසා කරන පූජාවක්ලෙසද සැලකෙ. (කැගල්ල පෙරහර සජීවී විකාෂය )


4.කොඩි කරුවන්-

බොහො විට ජාතික කොඩිය පෙරටුවද ඉන් පසුබෞද්ධ කොඩිද ඉන්පසු පලාත් කොඩිද.ජාතික කොඩියපෙරටුව ගමන් කිරීමෙන් ගම්‍ය වන්නෙ සියලුමජාතීන් නියොජනයවෙ.


5.බුලත් පදය -

අනාදිමත් කාලයක සිට බුලත්කොලය හෙළ ජන ජවිතයටකොතරම් සම්භන්ධ වූවක් දැයි කිවහොත් කෙනෙකුගෙ වත්පොහොසත්කම් මනින්නට' බතබුලතින් සරු " යනපදය යොදා ගැනීමම සෑහෙ.පිලිගැනීම සදහා බුලත් හුරුල්ලක් දීම අදටත් චාරීත්වයක්ව පවතී. බුලත පිලිබද කවි ගායනා හා වෙනත් කලා නිර්මානද බොහොයි.බුලත් පදය" නර්ථනය නිර්මානයවී ඇත්තෙද රසික දනන් හට නැටුම් සන්දර්ශනය නැරඹීමට කරන ආරාධනයක් ලෙසයි. එම නර්ථනය අනුසාරයෙන් ගමන්තාලයොදා පෙරහරට උචිත ලෙස සැකසුනු" බුලත් පදය" නර්ථනය පෙරහර නරඹන ලෙස කරන ආරාධනයක් ලෙස සැලකෙ මහනුවර දලදා පෙරහරෙ දක්නට ලැබුනත් අනෙක් පෙරහරවල් තුල දක්නට නොමැති තරම්ය. (දළදා මාලිගාව සජීවි සජීවී විකාෂය )


6.මහ බඹා කොලම -

සබරගමුව නර්ථන සම්ප්‍රදායට පමනක් ආවෙනික අන්ගයකි. සබරගමුව සමන්දෙවාල පෙරහරෙ ආරම්භක නර්ථන යකි. පෙරහර ආරම්භයෙදීම ගමන් කරවන ලෙස නියොග කර ඇත්තෙ සීතාවක රාජසින්හ රජතුමා විසිනි. මහබඹා කොලම නිර්මානය කිරීම සදහා රාජකාරියක් ලෙස ඉටුකලෙ රත්නපුර කොලොම්බුගම පරම්පරාවක් විසිනි. මෙම රාජකාරිය ඉටු කිරීම වෙනුවෙන් ඉඩකඩම් පවා රජු විසින්ලභා දී තිබෙ.එයට අමතරව පෙරහර පවත්වන දිනයෙදී ආහාරපාන, සතර රියන්‍ රෙදිකැබලි විස්සක්,හාල්, කුම්බලා කූරීන් ,ලභා දෙනලෙස රජු විසින් නියම කර තිබෙ. මහබඹා කොලම මුහුනු දෙකකින් යුක්තවෙ. ඉදිරිපස මුහුනප්‍රියජනක ලෙසද,පිටුපස මුහුන භයන්කාර ලෙසද නිර්මානය කර තිබෙ.අත් දිග පබලු හැට්ටයක්ද දිග විල්ලුද රෙද්දකින්ද යටිකය ආවරනය කොට තිබෙ. දකුනු අතෙ ඔසවාගත් කඩුවකි.වම් අත ඉනට තබාගෙන මල් පොකුරක්දරාගෙන සිටියි.යහපත් අයට යහපත් දෙද, අයහපත් අයට අයහපත්දෙද හිමිවනබව ඉස්මතුවෙ. මේ තරම් රාජසින්හ රජු මෙම නර්ථනයට අනුග්‍රහය දැක්වූයෙ තමාගෙ රාජ්‍ය පාලනයෙ ස්වාභවය මේ තුලින් ඉස්මතු වන නිසා යටත් වැසියන් නීති ගරුකව සහ යහපත්ව තබා ගැනීම අරමුනු කරගෙනයි. මෙම මහ බඹා කොලම ඉතා විශාලවනිර්මානය කරයි .එ තුලට යම් අයෙක් රින්ගා වටේට කැරකී කැරකී ඉදිරියට ඇදෙයි. මෙහි විශෙෂත්වයනම් සම්මත නර්තනයක් නොමැති වීමයි.මෙම ගමන් විලාශයෙන් පෙන්නුම් කෙරෙන්නෙ රජුගෙ අනසක හතරවට පැතිර ඇති බව‍ය. (සබරගමුව දර්ශන-කිරිඇල්ලෙ හිමි )


7.අසිපත් කන්ඩායම-

පෙරහරට ආරක්ශාවත් ,අභිමානයත් මෙයින් බලාපොරොත්තුවෙ. අන්ගම්පොර ශිල්පය මැනැවින් හැදෑරූ ශිල්පීන් පමනක් සහභාගී වී ඇත. සියලුම හෙල සටන් කලාවන්මෙයින් නියොජනයවෙ.මෙකල සෑම පෙරහරකදීම දක්නට නොලැබුනත් මහනුවර ඇසළ පෙරහරෙ දී නම් නොවරදවාම දක්නට ලැබෙයි . ගමන්විලාශයක් ඇරුනුකොට සම්මත නර්ථනයක් නොමැත. (දලදා පෙරහර සජීවී විකාෂය )


8.පන්තෙරු නැටුම-

ගායනය සදහා තාලවාදක භාන්ඩයක් ලෙස යොදාගත් පන්තෙරුව පසුව පන්තෙරු නැටුම දක්වා විකාශනය වූ බව සදහන් වෙ. සත්සති,සූවිසිවිවරන, වැනි ආගමික අවස්ථා සදහාද පෙරහර සදහාද මෙම නර්ථනය යොදා ගනී. හිසවෙස් නොබැදි අය පන්තෙරු නටනු බොහො දුරට දැකිය හැක. කස්තිරම් සහ අඩව් වලදී පන්තෙරු දෑතට ලයාන්විතව ඇල්ලීම කල නොහැක්කකි. පන්තෙරුව අතට ගත් විට එය නිකටට කෙලින් විය යුතුය. පන්තෙරු දෙක බැගින් ගෙන විසි කරමින් නැවත අල්ලමින් මාත්‍රය හා කවිය අනුවනැටීම පන්තෙරු නර්ථනය වේ. (කැගල්ල පෙරහර සජීවී විකාෂය)


9.කුළු නැටුම-

කුළු නැටුම පත්තිනි දේවිය වෙනුවෙන් කරන නර්තනයකින් ගජබා රජුගේ කාලයේ පත්තිනි වන්දනාව ආරම්භ වූ බව සැලකේ අට වැනි සියවසේ පතිව්‍රතාව රැකි කාන්තාවක් මූලික කරගත් වන්දනාවකින් නවගමුව පළාතට කහතුඩුව දේවාල පත්තිනි වන්දනාවට ප්‍රසිද්ධ වී ඇත බටහිර සබරගමුව දකුණ යන පළාත් වල පත්තිනි වන්දනාවට ප්‍රසිද්ධ වී ඇත කොහොඹ කළය ඉක්මනින් ගන්න ඕනේ කොහොඹ කළය මෙම නර්තනය නර්තන පත්තිනි දේවිය හා සම්බන්ධ වෙයි අම්මාවරු හත්දෙනා සම්බන්ධ බෝවෙන රෝග නිවාරණය කිරීම පිළිබඳව සහ අව ඇයගේ පිහිට ලබාගැනීම සඳහා සඳහාද මෙම නර්තනය නිර්මාණය කර ඇත.කොහොඹ කළය පත්තිනි දේවිය සංකේතවත් කරයි සංඛේතවත්කේතවත් කරයි (උපුටා ගැනීම සිංහල නර්තන කලාව මුදියන්සේ තෙන්නකෝන් )


10.උඩරට හේවිසි-

බෞද්ධාගමික විවිධ අවස්ථාවන්වලදී සහ විශේෂයෙන්ම පෙරහැර අවස්ථාවන්වලදී දැන දැනට දැනට දෙදණට බණට පිරිතට භික්ෂූන් වහන්සේලා වඩම්මන අවස්ථාවන්වලදී දවුල තම්මැට්ටම හොරණෑව වාදනය කිරීම හේවිසි වාදනය යනුවෙන් හඳුන්වනු ලැබේ හේවිසි වාදනය යනු වාදන විසි විසි වාදන විදි විශේෂයකි